BREAKING NEWSEXCLUSIVEPOLITICS

සංහිඳියා සිංදුවලට බිලියන ගණනින් වියදම් කළ යහපාලන ආණ්ඩුව එක විදුලි බලාගාරයක් හැදුවේ නෑ. – අගමැති මහින්ද

සංහිඳියා සිංදුවලට බිලියන ගණනින් වියදම් කළ යහපාලනාණ්ඩුව විසින් එක විදුලි බලාගාරයක් සෑදුවේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරනවා.

එතුමා යාපනය මඩ්ඩුවිල්හි ඉදිකළයාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයවිවෘත කිරීමේ උත්සව අවස්ථාව සමග අද එක්වෙමින් මේ බව සදහන් කලා.

එම අවස්ථාවේ එතුමා සදහන් කලේ මෙවැන්නක්,

ගොවි ජනතාවට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීමට හා පාරිභෝගික ජනතාවට සහන මිලටඑළවළු, පළතුරු මිල දී ගැනීමට පහසුකම් සැලසීම සඳහා මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදිකෙරිණි. රජය රුපියල් මිලියන 200ක් වැයකර ඉදිකළ මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සඳහා බදුල්ලආර්ථික මධ්‍යස්ථානයෙන් හා යාපනය වෙළඳපොළෙන් අත්‍යවශ්‍ය එළවළු හා පළතුරු ලබා දීමට නියමිතය.

වෙළෙඳ කුටි විස්සකින් සමන්විත මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව එහිවෙළෙඳ ප්‍රජාව සමඟ සුහද කතාබහක නිරත වීමට අවස්ථාව ලැබිණි.

යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරමින් මා කළ සම්පූර්ණ කතාව මෙසේ .

යාපනයේ ජනතාව අමතන්න ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. යාපනේ ගෙවුණ යුග තුනක් මම ඇස්දෙකින් දැකලා තියෙනවා. මට මතකයි 1970 යුගයේ යාපනේ තිබුණ හැටි. කාලේ යාපනේ ජනතාවයි, කොළඹයි අතරේ ලොකු සම්බන්ධයක් තිබුණා. යාපනේ නගරේ සිංහල මුදලාලිලා හිටියා. කොළඹ විතරක්නෙවෙයි, ලංකාවේ එහා කෙළවරේ මාතර මුදලාලිලා යාපනේ නගරේ බේකරි පවත්වා ගෙන ගියා.

කාලේ මැතිනිය යාපනේ ආවහම යාපනේ ගොවියෝ මිරිස්වලින් පාවඩයක් වාගේ දාලා එතුමිය පිළිගත්තා. ඒත් එතුමිය ගොවියන්ට ගෞරව කරන නිසා මිරිස් අතුරපු මාගල් උඩින් ගියේ නෑ. තවත් වතාවක් මැතිනියයාපනේ ආව වෙලාවේ යාපනේ කාන්තාවෝ එතුමියව පිළිගත්තේ ඉතා ඉහළින්. මෙහේ හිටපු දෙමළමන්ත්‍රීවරු කාලේ වැඩිපුර හිටියේ කොළඹ. ඒක නම් අදත් එහෙමයි. කෝච්චියෙන් තමයි, යාපනේ කොළඹආවේ ගියේ. කොළඹ වැඩ කරන රජයේ සේවකයෝ සිකුරාදා හවස කෝච්චියේ නැගලා එළිවෙන්න යාපනේටඑනවා. එක යුගයක්. යුගයේ අපිටත් යාපනය මහ දුරක් නෙවෙයි. හරි සමීප බවක් දැනුණේ.

යුගය එක පාරටම 1980න් පස්සේ අතුරුදහන් වුණා. යාපනේට එන කෝච්චි පාර කැඩුවා. දකුණේ ඉඳන්උතුරටත් උතුරේ ඉඳන් දකුණටත් යන්න එන්න තිබුණු යාල් දේවිය නතර වුණා. යාල් දේවිය කියන්නේ උතුරදකුණ යා කළ සංස්කෘතික පාලමක් ලෙසයි මා දකින්නේ. උතුරේ ජනතාවගේ නිදහස අහිමි වෙන්න පටන්ගත්තා. උතුරේ ගොවියාට කුඹුරට යන්න බැරි වුණා. ධීවරයින්ට මුහුදු යන්න බැරි වුණා. උතුර බංකරයක්වුණා. තමන්ට අයිති ඉඩමේ නිදහසේ ජීවත් වීමේ අයිතිය අහිමි වුණා. ගේ දොර කොයි මොහොතක හෝඅත් ඇරලා යන්න වෙයි කියන තත්ත්වය උදා වුණා.

උතුරේ ජනතාවට සරණාගතයින් ලෙස තැන් තැන්වලට යන්න සිද්ධ වුණා. මුල් කාලෙ ඉන්දියාවටත් ගියා. යුරෝපා රටවලටත් ගියා. ජීවත් වෙන්න උපන් බිමක් තිබුණත් එහි නිදහසේ ජීවත් වෙන්න බැරි වුණ නිසානන්නාඳුනන පළාත්වල, රටවල සරණාගතයින් ලෙස ජීවත් වෙන්න සිදු වුණා. අවු. 30 ක් අඳුරු යුගයතිබුණා. උතුරේ ජනතාවගේ ජීවත් වීමේ අයිතියත් සංවර්ධනයත් අඳුරු යුගය උතුරේ ජනතාවට අහිමිකළා.

2019 මැයි 19 වෙනිදා අඳුරු යුගය අවසන් කරන්නට අපිට හැකි වුණා. එදායින් පස්සේ උතුරේජනතාවගේ අහිමි වූ ජීවිත හැර අන් සියල්ල ලබා දීමට අපි කටයුතු කළා. යුද්දෙ ඉවර වෙනකොට අද උතුරේදකින්න තියෙන කිසි දෙයක් දකින්න තිබුණේ නෑ. තිබුණේ වෙඩි වැදුණ ගොඩනැගිලි, කැඩුණු පාරවල්, ගේදොර අහිමි ජනතාව. නමුත් අවුරුද්දක් දෙකක් ඇතුළත මේ සේරම යළි අපි ලබා දුන්නා. පාරවල් හැදුවා, වතුර දුන්නා, ලක්ෂ ගණනක් බිම් බෝම්බ ගැලෙව්වා. විදුලිය දුන්නේ විදුලි වේගයෙන් කීවොත් වඩානිවැරදියි. පාසල්, රෝහල්, වසර දෙක තුනක් තුළ හැදුවා.

එදා කතාවක් තිබුණෙ උතුරේ ජනතාව කට ඇරියේ කන්නයි, දත් මදින්නයි විතරයි කියලා. අපි ජනතාවටනිදහස උදා කළා. වසර ගණනාවකට පස්සේ කෝච්චි පාර හැදුවා. යාල්දේවියෙන් උතුර දකුණ යා කළා. උතුරේ ආයෙත් පළාත් සභාව පිහිටෙව්වා.

නමුත් යුගයට 2015 දී අතරමැද බාධාවක් ආවා. 2015න් පස්සේ අපි කරගෙන ආව වැඩ නතර කළා. සංහිඳියාව කියලා ව්‍යාපෘතියක් ආවා. අපි හදිසි නීති ඉවත් කරලා පිහිටවපු පළාත් සභාව යහ පාලනයෙන්විසිරෙව්වා. යහපාලන කාලේ එක පාරක්, එක විදුලි යෝජනා ක්‍රමයක් යාපනේට ලැබුණේ නෑ. රටට ලැබුණෙත් නෑ. අලුතින් එක විදුලි බලාගාරයක් හැදුවා නම් යාපනේ ජනතාවට අද කළුවරේ ඉන්න වෙන්නේනෑ.

හැබැයි අර සංහිඳියාව කියන ව්‍යාපෘතියට බිලියන ගණනක් වියදම් කළා. සාමය ගැන කියන සිංදුවකටබිලියන ගණනක් වියදම් කළා. යාපනේ ජනතාවට වතුර පයිප්පයක් දුන්නේ නෑ. අපි කරගෙන වැඩ 2015 දීනතර කළා. ඒක අපි ආයෙත් ආරම්භ කරන්න ඕනෑ. කොරෝනා වසංගතය නො එන්න අපි ගමන 2019 දීආරම්භ කරලා. නැවත අපි 2019 දී මේ රට භාර ගත්තට පස්සේ යහපාලනයෙන් ආපස්සට ගිය රට ගොඩනඟන්න සැලසුම් කළා. ඒත් අනපේක්ෂිතව කොවිඩ් වසංගතය ආවා. වෙලාවෙ ජනතාව, වගකියන රජයක්හැටියට අපිට හිතුණේ අපේ ජනතාව ආරක්ෂා කර ගන්නයි. අපි ඒක කළා.

දකුණේ ජනතාව වාගේ උතුරේ ජනතාවත් වසංගතයෙන් ආරක්ෂා කර ගන්න අපිට පුළුවන් වුණා. 2015 න්පසුව නතර කළ තමුන්නාන්සේලාගේ පළාත්වල සංවර්ධන කටයුතු වගේම ජන ජීවිතය ගොඩනඟනකටයුතුත් අපි ආරම්භ කරන බව ප්‍රකාශ කරනවා. ඔබ සැමට සුබ අනාගතයක්!

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතුඅමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පළාත් ප්‍රධාන ලේකම් සමන් දර්ශන පාඩිකෝරාළ, යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේසන්, චාවකච්චේරිය ප්‍රාදේශීය ලේකම් එන්. ඌෂා යන මහත්මමහත්මීහු ඇතුළු ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button