BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSWEST

මෙම ව්‍යසනයට ලෝක බලවතුන් සියල්ල වග කිව යුතුයි. – හිටපු ජනපති ට්‍රම්ප්

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ තමා ජනාධිපති ධුරයේ රැඳී සිටියේනම් මේ ව්‍යවසනය සිදුවීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කරනවා.

වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ගේ දුර්වල හා අදක්ෂ පාලනය යුක්‍රේනයේ වත්මන් තත්ත්වයට හේතු වී ඇති බවත් ඔහු සඳහන් කළා.

ඔහු පෙන්වා දෙන්නේ එකල බලවත්, කපටි සහ බුද්ධිමත් ලෙස සැලකූ අමෙරිකාව දැන් මුග්ධ රටක් බවට පත්ව ඇති බවයි.

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,

“මම ජනාධිපති වෙලා හිටියානම් නම් මේ බිහිසුණු ව්‍යසනය කවදාවත් සිද්ධ වන්නේ නැහැ. බුෂ් යටතේ රුසියාව ජෝර්ජියාව ආක්‍රමණය කළා. ඔබාමා යටතේ රුසියාව ක්‍රිමියාව අල්ලා ගත්තා. බයිඩන් යටතේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළා. රුසියාව වෙනත් රටක් ආක්‍රමණය නොකළ 21 වැනි සියවසේ එකම ජනාධිපතිවරයා මමයි. ප්‍රශ්නය පුටින් බුද්ධිමත් වීම නොවේ, ඇත්ත වශයෙන්ම ඔහු දක්ෂද යන්නයි.නමුත් සැබෑ ප්‍රශ්නය වන්නේ අපේ නායකයන් එතරම්ම ගොළු වීමයි. පුටින් බෙරයක් වගේ බයිඩන් වාදනය කරනවා.”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button