BREAKING NEWSEXCLUSIVEGOSSIP NEWSPOLITICSVIRAL NEWS
පසුගිය රජය සමයේ හොර පාරෙන් රාජ්‍ය සේයට ආ අටදහසක් ගැන තීරණය ලඟදීම..!

රජයේ ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව සේවක සේවිකාවන් අට දහසකට ආසන්න පිරිසක් සේවයේ යොදවාගෙන සිටින බවට රජයේ ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඒ අනුව මෙමෙ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගැනීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.
මෙලෙස සේවයේ යෙදී සිටින වැඩි පිරිසක් පසුගිය රජය සමයේදී දේශපාලන හිතවත්කම් මත බඳවා ගනු ලැබූ අය බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසේ.
මින් වැඩිදෙනෙකුට ඒ ඒ ආයතනවල නිශ්චිත කාර්යභාරයක් හෝ විෂයානුකූල වැඩ පැවරීමක් හෝ කර නැතැයිද වාර්තා වනවා.
මේ තත්වය නිසා රටට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදුවන බව ගණන් බලා ඇත.