BREAKING NEWSPOLITICS

සිද්ධිකාගේ ප්‍රකාශය ගැන විශේෂ විමර්ශණයක් සිදු කිරීමට යයි

පොල්තෙල් ඇතුලු මෙරටට ආනයනය කරනු ලබන තවත් ආහාර ද්‍රව්‍ය තුල පිළිකාකාරක අඩංගු බවට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් රජය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

අද පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සදහන් කළා.

මාධ්‍යවේදියෙකු විසින් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශය රජය කිසිසේත් අනුමත නොකරන බවයි .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button