BREAKING NEWSEXCLUSIVE

කොවිඩ් එන්නත ලබාගත් සජිත්ගෙන් විශේෂ ෆේස්බුක් සටහනක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොවිඩ් මර්දන එන්නත ලබාගෙන තිබෙනවා.

ලංකාවේ අවසන් කොරෝනා රෝගියාද එන්නත ලබා ගන්නා තුරු තමා එන්නත ලබා නොගන්න බව විපක්ෂ නායකවරයා මින් පෙර ප්‍රකාශ කර සිටියා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ කොවිඩ් එන්නත ලබාගැනීමට අපොහොසත් වුවහොත් නැවත එම රෝගය වැලඳිය හැකි අතර එය මාරාන්තික වියහැකි බවට මින් පෙර අවස්ථාවේ කොවිඩ් ආසාදිතව සිටියදී තමාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබාගැනීමට කටයුතු කළ බවය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button