BREAKING NEWSEXCLUSIVEPOLITICS

ආහාර ද්‍රව්‍ය කිහිපයක් සදහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවෙයි.

විශේෂ වෙළෙඳ භාණ්ඩ මත බදු පනවමින් සහ මීට පෙර නිකුත්කර තිබූ ගැසට් නිවේදන අවලංගු කරමින් නව අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

හාල්මැස්සන්, කරවල, වෙඬරු, කිරිවලින් නිපදවූ තැවරුම්, උළුහාල් ඇට, කුරක්කන් පිටි, අබ ඇට, මේස ලුණු ආදිය මෙම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත් කර ඇත. මුදල් අමාත්‍යවරයා විසින් මෙම අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.

මෙහි හාල්මැස්සන් සහ කරවල සඳහා විශේෂ වෙළඳභාණ්ඩ බද්ද අලුතින් පණවා ඇති අතර . අගෝස්තු මස 12 වනදා සිට වසරක කාලයක් සඳහා මෙම බදු නියෝග ක්‍රියාත්මක බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්ය. සෙසු භාණ්ඩ සඳහා පැණවූ බද්ද පසුගිය සැප්තැම්බර් සිට ක්‍රියාත්මකව පැවතුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button