BREAKING NEWSEXCLUSIVE

රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම ගැන විශේෂ තීරණයක්

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් හෙට (27) සිට රාජ්‍ය සේවක කාර්ය මණ්ඩල කොටස් වශයෙන් සේවයට කැඳවීමට අවසර ලබා දී තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසනවා.

රාජ්‍ය සේවකයන් කොටස් වශයෙන් කැඳවීමට අදාළ චක්‍රලේඛය හෙට (27) නිකුත් කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ.

මීට පෙරදීද පැවැති කොවිඩ් වසංගතය හේතුවෙන් රජයේ කාර්යාලවලට සේවකයන් කැඳවීම සීමා කර තිබුණා.

එම වසංගත තත්ත්වය යම්තාක් දුරකට සමනය වීමෙන් පසු රාජ්‍ය අංශයේ සියලු සේවකයන් යළි සේවයට පැමිණියේ පසුගිය මාර්තු මස 08 වැනිදාය. එනම් වසරක කාලයකට පසුවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button