BREAKING NEWSEXCLUSIVE

දුරස්ථ අධ්‍යාපනය කාර්යක්ෂම කිරීමට පිළියමක්

පවතින වසංගත තත්වය හමුවේ පාසල් අධ්‍යාපන කටයුතු රුපවාහිනිය හරහා දරුවන්ට සමීප කරවීමට ස්ථාපනය කරන ලද ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා.

ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ආරාධනයෙන්, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්.

නවීන තාක්ෂණ පහසුකම් සහ අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා වලින් සපිරි මෙම මධ්‍යස්ථානය ජාතික අධ්‍යාපන ආයතනය සකසන සියලුම විෂයානුබද්ධ වැඩසටහන් නියමිත කාලසටහනකට අනුව විෂය නිර්දේශය ආවරණය වන පරිදි විකාශය කිරීමට නියමිතයි.

මෙම වැඩසටහන් විෂය අධ්‍යක්ෂකවරුන්ගේ නිරීක්ෂණය යටතේ නිර්මාණය කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙමගින් අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන්ටද අධ්‍යාපන කටයුතු සිදුකිරීමේ පහසුකම ලැබී තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළා.

ජනවාරි මස වන විට මෙය රුපවාහිනී නාලිකා 10දක්වා වර්ධනය කිරීමටත්, පසුව දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි චිත්‍රාගාර පහසුකම ලබාදීමටත් තීරණය කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button