BREAKING NEWSEXCLUSIVE

කොළඹ වරාය ආසන්නයේදී නෞකාවක ගින්නක්

කොළඹ වරාය ආසන්නයේදී රසායනික ද්‍රව්‍ය බහාලුම් නෞකාවක ගින්නක් හටගෙන තිබෙන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සදහන් කරනවා.

ගින්නට හේතුව ගබඩා කර තිබු රසායනික ද්‍රව්‍ය වල කාන්දුවීමක් බවයි නාවික හමුදාව සැකපළ කරන්නේ.

MV X -Press Peral නම් නෞකාවේ හටගෙන ඇති ගින්න මේ වන විට නාවික හමුදාව සහ වරාය අධිකාරිය විසින් එක්ව මැඩ පවත්වමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඉන්දියාවේ “හසීරා” වරායේ සිට පැමිණි මෙම නෞකාව, ගිනිගන්නා අවස්ථාවේදී කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් වයඹින් මුහුදේ නැංගුරම්ලා තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button