BREAKING NEWSEXCLUSIVE

ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ කරුණු 10කින් සමන්විත නිර්දේශ මාලාවක්

රුසියා යුක්රේනය සමග ඇති යුධ වාතාවරණය නිසා ගෝලීය බලශක්ති අර්බුදය මුහුණ දී ඇත.එම නිසා ගෝලීය තෙල් භාවිතය අවම කිරීම සඳහා කරුණු 10කින් සමන්විත නිර්දේශ මාලාවක් ජාත්‍යන්තර බලශක්ති ආයතනය විසින් ඉදිරිපත් කොට තිබේ. මෙම බලශක්ති අර්බුදය හමුවේ පවතින තත්ත්වයන්ට තාවකාලික විසඳුම් ලබාදීමේ අරමුණින් ජාත්‍යන්තර බලශක්ති ආයතනය අදාළ යෝජනාවලිය ප්‍රකාශයට පත් කර තිබේ.මෙම ක්‍රියාමාර්ග ක්‍රමානුකුලව ක්‍රියාත්මක කිරීම සහ පාරිභෝගික හැසිරීම් වෙනස් කිරීම මඟින් මාස හතරක් ඇතුළත ලෝකයේ තෙල් භාවිතය දිනකට බැරල් 2.7ම් (bpd) කින් අඩු කිරීමට ඉඩ සලසා ගත හැකි බවට ගෝලීය බලශක්ති නිරීක්ෂණ කණ්ඩායම තවදුරටත් පවසා තිබේ.

කරුණු 10කින් සමන්විත නිර්දේශ මාලාව පහතින්.
*සතියට දින තුනක් නිවසේ සිට රාජකාරි කිරිමේ වැඩසටහනක් ආරම්භ කිරීම.

*අධිවේගී මාර්ගවල ධාවන වේගසීමා පැයට කිලෝමිටර් 10කින් අඩු කිරීම .

*පොදු ප්‍රවාහන සේවය හැකි සෑම අවස්ථාවකම භාවිත කිරීම, පා ගමනින් ගමන් කිරීම සහ පාපැදි භාවිතයට දිරිගැන්වීම.

*ඉරිදා දිනයන්හිදී නගර මෝටර් රථවලින් නිදහස් දිනයක් බවට පත්කිරීම.

*ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා පුද්ගලික වාහනවල ඉඩකඩ තවත් පුද්ගලයින් සමග බෙදාගැනීමට කටයුතු කිරීම.

*විශාල නගර සඳහා පෞද්ගලික වාහන ඇතුලත් වීම සිමා කිරීම. (දින වෙන් කිරීම, වාහනයේ අංක තහඩු අනුව පැමිණීමේ ක්‍රමයක් සැකසීම)

*භාණ්ඩ ප්‍රවාහනය කිරීම කාර්යක්ෂම අයුරින් සිදුකිරීමට වගබලා ගැනීම.

*ගුවන් යානා ඔස්සේ ප්‍රවාහනය වෙනුවට අධිවේගී දුම්රිය සහ රාත්‍රී දුම්රිය ගමන් වාර භාවිතයට යොමුවීම.

*ව්‍යාපාරික පන්තියේ ගුවන් ගමන් නවතා දමා ඒ වෙනුවට විකල්ප භාවිතයන්ට යොමුවීම.

*පෙට්‍රල් ඩිසල් වාහන වෙනුවට ඉලෙක්ට්‍රික් වාහන සහ පරිසර හිතකාමී වාහන භාවිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button