BREAKING NEWSEXCLUSIVEPOLITICS

යුදගනවි ගිවිසුම ගැන විදුළිබල මණ්ඩල සභාපතිගෙන් රට කළඹන හෙළිදරව්වක්..

යුගදනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකානු නිව් ෆෙට්ට්‍රොස් සමාගමට ලබා දීමට අදාලව අත්සන් තබන ලද ගිවිසුම, ගිවිසුමේම ඇතුළත් වගන්තියකින්, හෙළිදරව් කිරීම වළක්වා ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා පවසනවා.

ඒ නමුත්, ගිවිසුම අත්සන් තැබීමට පෙර නීතිපතිවරයාගෙන් අවසර ගෙන තිබෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කරනවා.

නීතිපතිවරයා ගිවිසුම සදහා අනුමැතිය ලබා දී තිබෙන්නේ හොදින් එය අධ්‍යයනය කිරීමෙන් පසු බව පැවසූ සභාපතිවරයා, දෙපාර්ශ්වයේ ම එකගතාවයකින් තොරව ගිවිසුම හෙළිදරව් කළ නොහැකි බවත්, මේ දක්වා ගිවිසම ලංකා විදුලි බල මණ්ඩලයට හෝ ඉදිරිපත් කර නැති බවත් ඔහු විසින් පෙන්වා දෙනු ලැබුවා.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට විශාල අර්බුදයකට මුහුණ පා ඇති බවත්, අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමේ ක්‍රියාවලියකට කඩිනමින් යොමු නොවුවහොත් ජනතාවගේ විදුලි බිල මත එම බර පැටවීමට සිදුවන බවත් එහි සභාපතිවරයා ප්‍රකාශ කලා.

අඩු පිරිවැයකින් විදුලිය නිපදවීමේ වැඩපිළිවෙලක් ලෙස කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් වී ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම ගිවිසුම රාත්‍රියේදී අත්සන් කරන්නට සිදුවූයේ අදාළ කරුණු ඉදිරිපත් කරමින් නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමට බොහෝ වේලාවක් ගත වූ නිසා යැයි ද සභාපතිවරයා සදහන් කල අතර,

ගිවිසුම අත්සන් කළ ඉකුත් සැප්තැම්බර් 17 වැනිදා පස්වරු 4.30ට එය අත්සන් කිරීමට තීරණය කර තිබුණත් භාණ්ඩාගාර නිලධාරීන්, ඊට අදාළ ඇමෙරිකා පාර්ශවය, එරට නීතිවේදීන්, ආදී සියල්ල සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ සාකච්ඡා කර නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගන්නා විට රාත්‍රිය උදා වී තිබූ බවත්, ඇමෙරිකානු සමාගමේ නියෝජිතයන් එදින මෙරටින් පිටවීමට සූදානමින් සිටි නිසා රාත්‍රියේ එය අත්සන් කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම එරට නීතිවේදීන් සමඟ නීතිපතිවරයා සාකච්ඡා කරන විට එරට වේලාව ගැනත් සැලකිලිමත්වීමට සිදුවූ බව ද සභාපතිවරයා පැවසීය.

කෙසේ වෙතත්, ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විෂයභාර අමාත්‍යවරයා කටයුතු කරනු ඇති බවත් ඔහු පවසා සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button