BREAKING NEWSEXCLUSIVE

අද සිට තවත් සති දෙකක් රට වහන්න වෛද්‍ය සංගමයෙන් ඉල්ලීමක්

පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ අද (14) සිට තවත් සති දෙකක් රට වසාදමන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලා තිබෙනවා.

දිනපතා වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යෑම සහ කොවිඩ් මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමිනුයි එම සංගමය ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කර තිබෙන්නේ.

ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් දැකීම්ට දීර්ඝ කාලයක් ගත්වනු ඇති බවත්, පනවා ඇති සංචාර සීමා තදින් ක්‍රියාත්මක නොවී ඇති බවත්, ඇතැම් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක වීම සහ කාර්යාලවල රාජකාරි සිදුවීම් ආදිය හේතුවෙන් සංචාර සීමා වල ප්‍රතිඵල ලබා ගැනීම ප්‍රමාද වනු ඇති බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් .

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button