BREAKING NEWSEXCLUSIVE

ජනපතිට පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගෙන් පොරොන්දුවක්

පාකිස්තානයේ සියල්කොට් නගරයේදී ලාංකිකයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අදහස් හුවමාරු කර ගෙන තිබෙනවා.ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කතා කළ බවට ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය වරයා කියා සිටියා.එම ඝාතනය සිදුකළ පුද්ගලයින් ට එරෙහිව උපරිම දඬුවම් දෙන බවට ඔහු, ශ්‍රී ලංකා ජනපතිවරයාට පොරොන්දු වී තිබෙනවා.මෙලෙස ඝාතනය කර තිබුණේ පාකිස්තානයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කළ ප්‍රියන්ත කුමාර නම් සාමාන්‍යාධිකාරීවරයෙක්.ගනේමුල්ල පොකුණ හංදිය ප්‍රදේශයේ පදිංචි ඔහු දීර්ඝ කාලයක් පාකිස්තානයේ සේවය කරමින් ඉතා ඉහල වෘත්තීය නිපුණත්වයක් පෙන්නුම් කළ අයෙකු බවයි පකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා අමතමින් පෙන්වා දී ඇත්තේ.අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නොමැති අතර නීතියෙන්ද ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවන බවද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා. සාධාරණය ඉටු කර වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවයි පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා අමතමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.මේ අතර පාකිස්තානයේ සියල්කොට්හිදී අමානුෂික අයුරින් ඝාතනය කෙරුණු ශ්‍රී ලාංකිකයාගේ මෘත ශරීරය හෙට දිනයේ දිවයිනට රැගෙන ඒමට කටයුතු කරන බව පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button