BREAKING NEWSEXCLUSIVEPOLITICS

මෙරට ආර්ථිකය නගා සිටුවන්න සහාය දෙන්න සූදානම්.- ඉන්දියාවෙන් පොරොන්දුවක්..!

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ඇතුළු දූත පිරිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වුනා.

ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් පවතින ලෝක තත්ත්වයට මුහුණදීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේ, අන්‍යොන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් ඉන්දියාව සමග සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම අපේක්ෂාව බවය.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවට පත් මෙරට ආර්ථික ක්ෂේත්‍රය නගා සිටුවීමට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව ඉන්දීය විදේශ ලේකම්වරයා මෙහිදී මුදල් අමාත්‍යවරයා හමුවේ සඳහන් කර තිබේ.

ඔහු පෙන්වා දී ඇත්තේ ඉන්දීය ව්‍යාපාරික ප්‍රජාව ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව වෙත යොමු කරවීමේ හැකියාව සොයා බලන බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button