BREAKING NEWSEXCLUSIVE

වී තොග සහල් වශයෙන් වෙළඳපොලට නිකුත් කිරීමට වැඩපිළිවෙලක්

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහල් මෝල් හිමියන් වී තොග සහල් වශයෙන් වෙළඳපොලට නිකුත් කිරීම පිළිබඳ අධීක්ෂණය කරන්නැයි උපදෙස් ලබා දී ඇත.වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කරගනිමින් ඊයේ (12) සිට වෙළඳපොල අවශ්‍යතා පරිදි අවශ්‍ය සහල් තොග නිකුත් කිරීම ආරම්භ කෙරුණු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
ජූනි මාසයේ ඉදිරි දින කිහිපය වෙනුවෙන් සහල් මෙට්‍රික් ටොන් 2400 ක් සැපයීමට කෘෂිකර්ම අමත්‍යාංශය ඊයේ කටයුතු කළ අතර, ඉන් සහල් මෙට්‍රික් ටොන් 500 ක් සතොස වෙත ලබා දී තිබෙනවා.
රටට අවශ්‍ය තරම් සහල් නිපදවීමට අවශ්‍ය වී තොග රජය සහ පෞද්ගලික අංශය සතු බැවින් සහල් හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙනවා.

 

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button