BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWSVIRAL NEWS

නවසීලන්තයේ යළි නව කොවිඩ් රැල්ලක් ඇරඹේ.

කොරෝනා වෛරසයට එරෙහිව සාර්ථකව කටයුතු කළ රටක් ලෙස සැලකුනු නවසීලන්ත යෙන් නැවත වරක් කොවිඩ් ආසාදිතයින් හමුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ එරට විශාලම නගරය ලෙස සැලකෙන ඕක්ලන්ඩ් නගරයෙන් අද දින පමනක් කොරෝනා ආසාදිතයින් 109 දෙනෙක් හමුවී ඇති බවටයි.

කොරෝනා වසංගතය ආරම්භයෙන් පසු එරටින් දිනකදී හමුවූ දෙවැනි වැඩිම ආසාදිතයින් ගණන එය ලෙස සඳහන්, මාස දෙකකට අධික කාලයක් එම නගරය තුළ සංචරණ සීමා පනවා තිබුණ ද ඕක්ලන්ඩ් නගරය තුළ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය පාලනය කිරීමට ඔවුන් මෙතෙක් සමත්වී නොමැති බව වාර්තා වනවා.

මේ අතර එහි දකුණු දූපතෙන් පළමු වරට ප්‍රජාව අතුරින් ද ආසාදිතයෙක් හමුවී තිබේ. එරට පිටස්තර සමාජයෙන් ආසාදිතයෙක් හමුවී ඇත්තේ වසරකට පමණ පසුවයි.

ආසාදිතයින් හමුවීමත් සමගම කොව්ඩ් සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් නැවතවරක් කල්පනා කළ යුතු බව එරට බලධාරීන් ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර එරට එන්නත්කරණ වැඩසටහන වේගවත් කිරීමට ද පියවර ගෙන තිබේ. මේ වනවිට එරට එන්නත් ලැබීමට සුදුසුකම් ලබා ඇති පිරිසෙන් 71%කට පමනක් එන්නත් ලබාදී ඇති බව වාර්තා වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button