BREAKING NEWSEXCLUSIVE

හෙට සිට අත්‍යවශ්‍ය සේවා වාහන සඳහා අලුත් ක්‍රමවේදයක්..

අත්‍යවශ්‍ය සේවා සඳහා සංචරණ සීමා මැද ගමන් කරන වාහන සඳහා හෙට (07) දිනයේ සිට තවත් විශේෂිත ස්ටිකරයක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කර සිටිනවා.

එය සංචරණ සීමා බලපැවැත්වෙන සම්පූර්ණ කාලය සඳහාම අදාළ වෙන බවද ඒ සම්බන්ධ සියලු විස්තර පසුව දැනුම් දෙන බව අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන පිරිස් අපහසුතාවයට පත්වීම වැළැක්වීම සඳහා මෙම නව ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර එය හෙට උදෑසන සිට ක්‍රියාත්මකවීමට නියමිතය.

ඒ අනුව හෙට දිනයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා කොළඹට පැමිණෙන වාහන එක් ස්ථානයකදී තොරතුරු ලබාදිය යුතු බැවින් යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බවද දැනුම්දෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button