BREAKING NEWSEXCLUSIVEPOLITICS
අගමැති රනිල්ගෙන් නව ආර්ථික කමිටුවක්..!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු භාණ්ඩාගාර ලේකම් ආචාර්ය ආර්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සදහා වැඩි බලතල සහිත කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ අනුව මෙම කමිටුවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය ෂර්මිණි කුරේ, හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ ශාන්ත ඩැනියෙල් ඇතුළත් වේ.
මෙම කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වන්නේ ඩිෂෙල් ඩි මෙල්, ආචාර්ය සරත් රාජපතිරණ, දිනේෂ් වීරක්කොඩි, අනුෂ්කා විජේසිංහ, ඩැනියෙල් අල්ෆොන්සෝ; දිෂ්නි වීරකෝන් මෙනවිය නම් කර තිබෙනවා.