BREAKING NEWSEXCLUSIVE
ගස් කැපීමේ බලපත්රට අදාළව නව චක්‍රලේඛනයක්

ගස් කැපීමේදී ඊට සරිලන නව ශාඛයක් රෝපණය කිරීමමෙන් පසුව බලපත්‍ර නිකුත් කළ යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.එම නීතිය මේ මස 31 වනදායින් පසු බලාත්මක වන බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.විෂයභාර රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් එම අමාත්‍යාංශ ලේකම්වරයා හරහා මීට අදාළ උපදෙස් සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරීවරුන්ට ලබාදී තිබෙනවා.ප්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් තම බලප්‍රදේශ තුළ රෝපණය කළ පැළ පිළිබදව පවත්වාගෙන යන ලේඛනයට අනුව අදාළ පැළ නඩත්තුව පිළිබදව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින කාර්යාල වෙත සංවර්ධන නිලධාරීන් හරහා මසකට වරක් පසු විපරමක් සිදුකළ යුතු වනවා.ඒ පිළිබද වාර්තාව මාස 3කට වරක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.