BREAKING NEWSEXCLUSIVE

රාජ්‍ය ආයතන සඳහා නව චක්‍රලේඛයක්…

රාජ්‍ය ආයතනවල විදුලිය සහ ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම සඳහා උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛයක් අද (21) නිකුත් කරන බව රාජ්‍ය සේවා,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා සඳහන් කළේ මේ යටතේ රාජ්‍ය ආයතනවල වායුසමීකරණ භාවිතය සීමා කිරීමට මෙන් ම අත්‍යාවශ්‍ය නොවන අලංකරණ කටයුතු සඳහා විදුලිය භාවිතය ද සීමා කරන බවයි.

ඊට අමතර ව දුර බැහැර ප්‍රදේශවල සිට කොළඹට කෙරෙන කැඳවීම් නව චක්‍රලේඛයෙන් සීමා කෙරෙනු ඇති.

හැකි සෑම අවස්ථාවකදී ම zoom ඔස්සේ සාකච්ඡා සහ සම්මන්ත්‍රණ පවත්වන ලෙස ද උපදෙස් දුන් බව ලේකම්වරයා ප්‍රකාශ කර සිටියා.

ඊට අමතර ව අත්‍යාවශ්‍ය රාජකාරි සඳහා පමණක් රජයේ වාහන සඳහා ඉන්ධන භාවිත කරන ලෙස ද නව චක්‍රලේඛයෙන් උපදෙස් ලබා දී තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button