BREAKING NEWSEXCLUSIVE

දිගු සති අන්තයේ පෝට්සිටියට ජන ගඟක් ..

පසුගිය ජනවාරි 9 වනදා විවෘත කෙරුණු කොළඹ වරාය නගරයේ මැරීනා කලාපය, ඊට පසු දින සිටම ජනතාවට නැරඹීම සඳහා අවස්ථාව හිමි වුනා.

දීර්ඝ සති අන්තයක් වූ ඉකුත් දින කිහිපයේ පස්වරු කාලයේදී විශාල පිරිසක් මැරීනා කලාපයට පැමිණ තිබුණු අයුරු දක්නට ලැබුණ අතර ඒ අනුව ගෙවුණු දින 7 තුළදී පමණක් කොළඹ වරාය නගර පරිශ්‍රයට විසි දහසකට වැඩි පිරිසක් පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කාලය තුළදී කොළඹ වරාය නගරයේ මැරීනා කලාපයට ඇතුළු වී එම පරිශ්‍රයේ සංචාරය කිරීමට ජනතාවට අවස්ථාව හිමිවනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button