BREAKING NEWSEXCLUSIVE

වතුර බිල් ගෙවීම පැහැර හරින රාජ්‍ය ආයතනවලින් 2.5% ක ප්‍රමාද ගාස්තුවක්

මින් ඉදිරියට මාස තුනකට වඩා ජල බිල්පත් ගෙවීම පැහැර හරින රාජ්‍ය ආයතනවලින්, 2.5% ක ප්‍රමාද ගාස්තුවක් අය කිරීමට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත මහතා පැවසුවේ, මීට පෙර ජල බිල්පත ගෙවිම් පැහැර හරින රාජ්‍ය ආයතන වලින් ප්‍රමාද ගාස්තුවක් අය නොකළ බවයි.

මේ අතර ඉදිරියේදී ඇති කරගන්නා එකගතා අනුව, මාස දෙකකට වඩා වැඩි කාලයක් ජල බිල්පත් නොගෙවා පැහැර හරින මන්ත්‍රී නිල නිවාසවල ජල සැපයුම විසන්ධි කිරීමට ද උපදෙස් දී ඇතැයි, පියල් පද්මනාත මහතා සඳහන් කලා.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත ප්‍රකාශ කළේ, මේ වන විටත් ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති බව පැවසෙන මන්ත්‍රීවරුන්ගෙන් එම හිග මුදල් අය කර ගැනීම පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා, කතානායකවරයා වෙත ලිඛිතව දැනුම්දී ඇති බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button