BREAKING NEWSEXCLUSIVE

සෞඛ්‍ය අංශවල ඉල්ලීමද නොතකා විශාල පිරිසක් නුවරඑලියට

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින නිසා විනෝද චාරිකා සදහා නොයන ලෙස සෞඛ්‍ය අංශ විසින් කල ඉල්ලිම නොතකා නුවරඑලිය නගරයට අද දිනයේ විශාල දේශිය සංචාරකයන් පිරිසක් පැමිණ සිටියා..

නුවරඑලිය මහ නගර සභාව විසින් මේ මස 30 දින දක්වා පවත්වන “වසන්ත උදානයට” සමගාමිව අද දිනයේ තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට විශාල පිරිසක් පැමිණ සිටිය බවයි වාර්තාවන්නේ.

නුවරඑලිය ග්‍රෙගරි වැව, වික්ටෝරියා උද්‍යානය, හග්ගල උද්‍යානය ඇතුළුව නගරයේ දේශිය සංචාරකයන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් රැදි සිටින අතර නුවරඑලිය වසන්ත උදානයට සමගාමිව පැවැත්වෙන සැණකෙලියද දිනපතා පස්වරු 6 සිට පවත්වන බවයි සංවිධායක කමිටුව පවසන්නේ.
නුවරඑලිය නගර සභා සිමාවේ පිහිටි නිවාඩු නිකේතනද විශාල වශයෙන් දේශිය සංචාරකයන් නවාතැන්ගෙන සිටින බවත් වාර්තා වනවා.

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය හමුවේ අදින් ආරම්භ වූ දීර්ඝ සති අන්තයේ රටේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වලකින ලෙස ඊයේ දිනයේදී රජය විසින් මහජනතාවගෙන් ඉල්ලීමක් කරනු ලැබුවත් ඊට කිසිදු අයුරකින් මහජනතාව කන් යොමා නොමැති බවට මෙය කදිම සාක්ෂියක්.

මේ වන විට රට තුල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයේ ව්‍යාප්තිය භයානක බව සෞඛ්‍ය අංශ විසින් කල්තියා අනතුරු අඟවා ඇති අතරම ඉදිරියේදී කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය මිට වඩා දරුණු විය හැකි බැවින් මහජනතාව සෑම විටකදීම නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට වගබලා ගත යුතුය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button