BREAKING NEWSEXCLUSIVE

උසස් පෙළ ප්‍රතිඵල අනිද්දා අන්තර්ජාලයට

2020 වර්ශයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාල ප්‍රතිඵල අනිද්දා(05) නිකුත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග විසින් සඳහන් කරනවා. මේ දිනවල Z – Score ලකුණු සකස් කිරීම ඇතුළු ප්‍රතිපල ලේඛණගත කිරීමේ අවසන් අදියරේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවයි වාර්තා වන අතර, මෙවරත් නව හා පැරණි වශයෙන් නිර්දේශ දෙකක් යටතේ ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතයි.

2020 ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වූ විභාගය සදහා අයැදුම්කරුවෝ තුන්ලක්ෂයක පමණ පිරිසක්  පෙනී සිටි අතර විභාගයෙන් සමත්ව විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලබන්නන් ලබන සැප්තැම්බර් මාසය ඇතුළත විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. ඒ අතරම, ප්‍රතිඵල නිකුත් කර දින කිහිපයක් ඇතුළත විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම්පත් කැඳවන බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ප්‍රකාශ කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button