BREAKING NEWSEXCLUSIVE
උසස් පෙළ විභාගය ඇරඹේ..

කොරෝනා ව්‍යවසනය හේතුවෙන් අවස්ථා කිහිපයකදී කල්තැබුණු 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද ආරම්භ වුණා.
මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 279141 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 66101ක් සුදුසුකම් ලබා සිටින අතර මධ්‍යස්ථාන 2438 කදී පැවැත්වෙනවා. කොරෝනා ආසාදිත මෙන්ම නිරෝධායනය වෙමින් සිටින දරුවන් සඳහා විභාග මධ්‍යස්ථාන 29ක් පිහිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
මෙම විභාගය මාර්තු 05 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
විභාගය සම්බන්ධ යම් ගැටලුවක් වේ නම් 1911 ක්ෂණික දුරකථන අංකයට හෝ 011 27 86 214 / 011 27 86 616 යන දුරකථන අංක වලට දැනුම්දීමට හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.