BREAKING NEWSEXCLUSIVEPOLITICS

අපි සර්ව පාක්ෂික සමුළුවේදී රටේ ප්‍රශ්න විතරක් කතා කරමු – රනිල් කියයි

සර්ව පාක්ෂික සමුළුවේදී දේශපාලනය ගැන කතා කිරීම පිළිබඳ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අසතුට ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී සිදුවූ සංවාදය මෙලෙසින්,

“මම එක කරුණක් පැහැදිලි කරන්නම්. මේ සම්මේලනය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම උඩ ඔබතුමා කැඳවලා තියෙනවා.

මට විශේෂයෙන්ම නිමල් සිරිපාල ඇමතිතුමා මුණගැහිලා කිව්වා සමුළුවට එන්න කියලා, පරණ යාළුකමටවත් එන්න කියලා.

මම හිතුවා මේක වැදගත් කියලා. අපි මෙතෙන්ට ආවේ මේ රටේ තියෙන උග්‍ර ප්‍රශ්නය නිසා. මෙතෙනදී අපි ආවේ නැහැ. ආපහු පක්ෂ දේශපාලනයට කවුද වගකියන්නේ ද කියන ඒවා කරන්න. අර පටු දේශපාලනයට මහ බැංකු අධිපතිතුමා කිව්ව හැටියට ආවේ නැහැ. ඒත් මම කණගාටු වෙනවා, එතුමා පටන්ගත්තේම ගිය ආණ්ඩුවේ වැරැද්දක් කියලා. මම ඒකට පිළිතුර දුන්නොත් එතකොට මොකද්ද වෙන්නේ. ඊළඟටත් පිළිතුරු දෙනවාද ? අන්තිමට ඉවර වෙන්නේ විජය රජ්ජුරුවෝනේ. එයා ලංකාවට ආවේ නැත්නම් මේ ප්‍රශ්නය තියෙන්නේ නැහැ කියයි. ඕකයි වෙන්නේ. මොනවටද අපි එතෙනට යන්නේ. මම මේ ගැන කියන්නේ එක කාරණයක් විතරයි. අපිට වෙන ප්‍රතිපත්තියක් තිබුණේ. ඒ කාලේ මිනිස්සුන්ට කන්න තිබුණා. බොන්න තිබුණා. පෙට්‍රල් තිබුණා. මම ඊට වඩා කියන්න යන්නේ නැහැ. තව එකක් තියෙනවා. අපි මෙතෙනට ආවේ, විපක්ෂයේ කොටසක් ඇවිත් … මම ආවේ එයාලව පරාජය කරන්න නෙමෙයි. මෙතෙනට ඇවිත් අදහස් ප්‍රකාශ කරලා. ඒවා ගිහින් කියලා ඒ අයව සම්බන්ධ කර ගන්න. අපි මේවායෙන් තොරව ඒ ප්‍රශ්න ගැන කතා කරමු.”

එම අවස්ථාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතා ට මෙලෙස පැවසීය.

“ඔබතුමාගේ හිත රිදුනානම් මම ඒකට සමාව ඉල්ලනවා. මම හිතන්නේ අර ක්‍රමවේදය එනකොට ඒ අවුරුදු ගාන නිසා තමයි එතුමා ඒක දැක්වුයේ. එහෙම නැතුව කිසිම කෙනෙකුට චෝදනා නඟන්නට නෙමෙයි. මම ඒකයි මුලින්ම කිව්වේ මේක දේශපාලනික කාරණයක් නෙමෙයි. අවංකවම ප්‍රශ්නවලට විසඳුම් සොයන්න ට සෑම කෙනෙකුගේම අදහස් ගන්න කියලා තමයි කතා කළේ කියලා.”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button