BREAKING NEWSEXCLUSIVE

බන්ධනාගාරයට තහනම් භාණ්ඩ ගෙනයාමට උත්සහ කළ නියාමකවරයෙක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරය තුළට ජංගම දුරකථන සහ දුරකථන බැටරි රැගෙන යෑමට උත්සාහ කළ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බන්ධනාගාරය තුළට නිලධාරීන් ඇතුලුවන ස්ථානයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගරයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී එම බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී එම බන්ධනාගාර නියාමකවරයා පාදවල මේස් තුළ සඟවා තිබියදී ජංගම දුරකථන 2ක්, දුරකථන බැටරි දෙකක් සහ දුම්කොළ කැබලි ග්‍රෑම් 233ක් සොයාගෙන ඇත.

සැකකාර බන්ධනාගාර නියාමකවරයා වැඩිදුර විමර්ශන කටයුතු සදහා බොරැල්ල පොලීසිය වෙත භාරදීමට නියමතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button