BREAKING NEWSEXCLUSIVE

දොස්තරලාගේ මිතුරන්ටත් එන්නත් හොරෙන් විදලා – දොස්තරලාට එරෙහිව නීතිඥයො උසාවි යයි

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය (GMOA) විසින් වංචනික ලෙස කොරෝනා එන්නත් අවභාවිතා කිරීම පිළිබඳ පුවත් පසුගිය සමයේ වාර්තා වුනා.

රජයේ රෝහල් වලට ලබාදුන් ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව වෛද්‍යවරුන් විසින් ප්‍රමුඛතා ලයිස්තු කඩකරමින් ඔවුන් සමග සමීප සම්බන්ධතා ඇති සියලූම දෙනාට ලබා දී තිබෙන බවට හෙළිව තිබෙනවා.

මෙලෙසට වෛද්‍යවරුන් විසින් එන්නත් හොර පාරෙන් ලබා දුන් අය අතර වෛද්‍යවරුන්ගේ රියදුරන්, නිවෙස් වල සේවකයන්, උද්‍යාන පාලකයන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් සහ මිතුරන්ද සිටින බවත් වාර්තා වේ.

රටපුරා ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා ගැනීමට මෙලෙසින් අති විශාල පිරිසක් බලාපොරොත්තුවෙන් රැදී සිටින අවස්ථාවක රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය මෙලෙසට පෞද්ගලික හිතවත්කම් මත එන්නත් අවභාවිතාව සිදුකර තිබීම විශේෂත්වයක්.

මේ සිදුවීමට එරෙහිව GMOA සංවිධානය විසින් එන්නත් ලබා දුන් පිරිසගේ ලයිස්තුද ඇතුලුව ඒ පිලිබද වැඩි විස්තර ඉල්ලා නීතිමාර්ගයට යොමුවීමට නීතීඥවරු පිරිසක් සූදානම් බවත් වාර්තා වේ.

අදාල නීතිඥයන් පවසන්නේ මෙලෙසට වෛද්‍යවරුන් විසින් වංචනිකව එන්නත් සොරකම් කිරීම තුල මහජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී තිබෙන බවයි.

තවද මෙය නීතිය ඉදිරියේ රාජකාරී බලය අයුතු ලෙස භාවිතා කිරීමේ වංචාවක් බවද ඔවුන් පවසනවා.

රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සමාජිකයන් විසින් පසුගිය සමය පුරාවටම සිය වෘත්තීය බලය භාවිතා කරමින් එන්නත් සොරකම් කළ අවස්තා වාර්තා වූ අතර, එවැනි සිදුවීමකට ගාල්ල දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාටද දඬුවම් මාරුවක් ලබා දුන්නා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button