BREAKING NEWSEXCLUSIVE

රත්නපුරයට මැණික් කර්මාන්ත පුරයක්

රත්නපුර නව නගරයේ අක්කර භාගයක මැණික් කර්මාන්ත පුරයක් ඇති කිරීමට සැලසුම් සකස් කර ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පවසනවා.

ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළකළේ රක්වාන මැණික් පොළ විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. ගොඩකවෙල ප්‍රාදේශීය සභාව විසින් නවීකරණය කරන ලද මෙම වෙළෙදපොල තරුණ මැණික් වෙළෙදුන්ගේ සංසදයේ මෙහෙය වීමෙන් ගොඩකවෙල ප්‍රාදේශීය සභාව මෙම මැණික් වෙළදපොල නවීකරණය කිරීමේ කටයුතු සිදුකළා.

රක්වාන ප්‍ර දේශයේ මේ වන විට විශාල වටිනාකම්වලින් යුත් මැණික් හමුවන බවත් අද ඒවා ජාත්‍යන්තරය කරා ගෙන යාමට හැකිව ඇති බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා සදහන් කළා. සංචාරක ආකර්ෂණය ඇති මෙම ප්‍ර දේශයේ මාර්ග නඩත්තුව සදහා ද රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button