BREAKING NEWSEXCLUSIVE

විපක්ෂයේ ඉඳන් වැඩ කරන හැටි සජිත් පෙන්නයි! තරුණයෝ පිරිවරාගෙන බදුල්ලෙන් බළකායක්!

මිත්‍යාවට ,අවිද්‍යාවට, රැවටීමට, ඇන්දවීමට නැවත නොරැවටෙමු යැයිද,ඒ සියල්ලට තිත තබා  සත්‍යවාදී ගමනක් උදෙසා පෙළගැසෙමු යයිද විපක්ෂ නායකතුමා ඉල්ලා සිටියේය.

සමගි විහිදුම් බලගණයේ බදුල්ල දිස්ත්‍රික් බලමණ්ඩලයේ සමාරම්භක රැස්වීම අද බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද විජේසිරි සහ හේශා විතානගේ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් සමගි විහිදුම් බලගණය ස්ථාපිත කොට ඇති අතර එය මුළු රටම ආවරණය වන පරිදි ගොඩනැගී ඇති සමගි ජන බලවේගයට අනුබද්ධ ක්‍රියාකාරී ඒකකයකි.

පසුගිය කොරෝනා ආරම්භ වූ වකවානුවේ රාජ්‍ය බලය නැතිව පවා ජනතාව වෙනුවෙන් සිය වගකීම ඉටුකිරීමට සමගි ජන බලවේගය කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා “සමගි ජන බලවේගයේ හුස්මක්”,සත්කාරය,සක්වල වැනි වැඩසටහන් හරහා මේ රටට අගයක් එකතු කිරීමේ කාර්යභාරය තමන්ට හැකි පමණින් ඉටු කරන බවද පැවසීය.

බලය අරගෙන සිටින හෝ බලය ගන්නට සිහින දකිමින් සිටින කිසිවෙක් එවැනි කාර්යභාරයක් ඉටුකොට ඇති දැයි හෘද සාක්ෂියෙන් විමසා බලන ලෙස පැවසූ විපක්ෂ නායකතුමා,තමන් රට භාරගන්නෙ වැඩ කරන්නට බවත්,රට බාර ගන්නට පෙර හැකි පමණින් වැඩකොට ඒ ආදර්ශය ලබා දෙන බවත් ඒ මහතා පැවසීය.

තමන් කිසිදාක මිනීමරුවන් මංකොල්ලකාරයන් කුඩුකාරයන් සහ හොරුන් රකින්නට ඉදිරිපත් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය තුළ එවැනි දූෂකයින් කිසිවකුට ඉඩක් නැති බව ද පැවසීය.

වන්දිභට්ටයින්ගෙන් ලබාගන්නා උපදෙස් හේතුකොටගෙන අද මුළුමහත් රටම බරපතළ ව්‍යසනයකට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, මේ රටේ ගොවි ජනතාව මුහුණ දී සිටින්නේ ඒ අවාසනාවන්ත ඉරණමට යැයිද පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button