BREAKING NEWSEXCLUSIVE

කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීම ගැන ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කඩිනම් කිරීමට වැඩපිළිවෙල රැසක් සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලා සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් නිෂ්පාදනය කිරීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට  උපදෙස් දුන් බවය.

ඊයේ (02) පස්වරුවේ කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් එම උපදෙස් දී තිබේ.

පොහොර නිෂ්පාදනය පළාත් පාලන ආයතන මට්ටමින් සිදුකිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ,

“කාබනික පොහොර නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍ය ග්‍රාමීය පරිසරයෙන්ම සපයා ගැනීමට හැකිය. එමගින් ගමේ පවිත්‍රතාවය සහ සුන්දරත්වය ද රැකෙන අතර සමෘද්ධිලාභීන් ඊට දායක කරගැනීමෙන් අලුත් ග්‍රාමීය ආර්ථිකයක් ගොඩනගා ගත හැකිය. මෙම වැඩපිළිවෙළ සාර්ථක කරගැනීම උදෙසා  ගොවියාට අවශ්‍ය කාබනික පොහොර ප්‍රමාණය හිඟයකින් තොරව ලබාදීම අනිවාර්යය.” යනුවෙනි.

පස පරීක්ෂා කරන උපකරණ ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාට නිල වශයෙන් භාරදීම ජනාධිපතිවරයා අතින් සිදුවිය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button