BREAKING NEWSINTERNATIONAL NEWS

තවමත් ප්‍රතිකාර සොයාගන නොමැති, ලෝකය පුරා සීග්‍රයෙන් පැතිරෙන, චීනයෙන් ආ මාරාන්තික වෛරසය – කොරෝනා

කොරෝනා වෛරසය ගැන ලෝකයේ අවධානය යොමු වෙන්න පටන් ගන්නේ මීට දින කිහිපයකට ඉහත දී චීනයේ දකුණු කලාපයේ වූහාන් (Wuhan) නගරයෙන් එම වෛරසය ආසාධනය වූ රෝගීන් වර්තා වීමත් සමඟයි. චීනයේ සෞඛ්‍ය බලධාරීන් ගේ විශ්වාසය අනුව, කොරෝනා වෛරසය වූහාන් නගරයේ ඇති කරදිය මත්ස්‍ය වෙළෙඳපොළක් ආශ්‍රිතව පැතිර තිබෙනවා.

මේ වන විට නව කොරෝනා වෛරසය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 41 දක්වා ඉහළ ගොස් ඇති අතර, යුරෝපය, ඇමරිකාව සහ අග්නදිග ආසියාතික රවල් වලින් වාර්තා වුණු ආසධිතයින්ගේ සංඛ්‍යාව 1035ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මොකක්ද මේ කොරෝනා වෛරසය?

ලෝක සෞඛ්‍ය සංවිධානය ට අනුව, කොරෝනා වෛරසය සාමාන්‍ය හෙම්බිරිස්සා තත්ත්වයේ සිට මාරාන්තික රෝගී තත්ත්ව ඇති කරන සාර්ස් (SARS), මර්ස් (MERS) ආදී වෛරස පවුලට අයත් වෛරසයක්. සත්ත්වයන් ගෙන් මිනිසුන් ට මෙම වෛරසය සම්ප්‍රේෂණය වනවා. සමහර කොරෝනා වෛරස ප්‍රබේද සත්ත්වයන් අතර පැතිර තිබුණත්, ඒවා මිනිසුන්ට සම්ප්‍රේෂණය වූයේ නැහැ.

කොරෝනා යන නම ලතින් භාෂාවෙන් වියුත්පන්න වූවක්. ඉන් අදහස් වන්නේ ඔටුන්න (crown) නැතහොත් ප්‍රභා මණ්ඩලය (halo ) යන්න යි.

නමුත්, පහුගිය ජනවාරි 7 වන දා චීනයෙන් වාර්තා වුණු කොරෝනා වෛරසය එහි නව ප්‍රබේදයක් ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. එය නව කොරෝනා වෛරසය ලෙස, නැතහොත් 2019-nCoV ලෙස නාමකරණය කර තිබෙනවා. තොරතුරුවලට අනුව, නව කොරෝනා වෛරසය මිනිසුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බවයි තහවුරු වී ඇත්තේ.

රෝග ලක්ෂණ

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට, නව කොරෝනා වෛරසය ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්වයක් ලෙස හඳුනා ගෙන තිබෙනවා. එනම්, උණ, කැස්ස, ශ්වසන අපහසුතා ආදී ලක්ෂණ, රෝග ලක්ෂණ ලෙස හඳුවන්න පුළුවන්. ඒවා නියුමෝනියා තත්ත්වයක් දක්වා වර්ධනය වීම, වකුගඩු අක්‍රිය වීම, අවසානයේ මරණය පවා සිදු විය හැකි ලෙස උග්‍ර වනවා.

නව කොරෝනා වෛරසයේ වර්ධන කාලය තවමත් නිශ්චිත වශයෙන් තහවුරු කරගෙන නැහැ. නමුත් මූලාශ්‍ර අනුව එය දින 10 – 14 ත් අතර කාලයක් විය හැකි බවයි වාර්තා වන්නේ.

විශේෂඥයන් පෙන්වා දෙන්නේ නව කොරෝනා වෛරසය, සාර්ස් (SARS) තරම් මරණීය නොවන බවයි. නමුත් මෙය ශීඝ්‍රයෙන් පැතිර යා හැකි භායනක තත්ත්වයක් බව අප අවබෝධ කර ගත යුතුයි.

පැතිර යාම වළක්වාගත හැක්කේ කෙසේ ද?

තවමත් නව කොරෝනා වෛරසය සඳහා එන්නත් සොයා ගෙන නැහැ.

කෙසේ වෙතත් පුද්ගලයන් ලෙස මින් ආරක්ෂා වීමට අනුගමනය කළ යුතු පියවර කිහිපයක් එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවාව (NHS) විසින් හඳුන්වා දී තිබෙනවා.

උණුසුම් ජලයෙන් සබන් යොදා නිරන්තරයෙන් දෑත් පිරිසුදු කර ගැනීම.
ඇස් සහ නාසය ස්පර්ශ කිරීම හැකි පමණින් අවම කිරීම.
නිසි සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් පවත්වාගෙන යාම.

තවමත් නව කොරෝනා වෛරසය පැතිරයාම ගෝලීය අවදානම් තත්ත්වයක් ලෙස හඳුනාගෙන නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන්නේ.

තොරතුරු: අන්තර්ජාලය ඇසුරෙන්.

තාරක සම්මාන්

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button