Uncategorized

සංචාරක මාර්ගෝපදේශකයිනගේ දැනුම වර්ධනය කිරීමේ පාඨමාලවක්

සංචාරක මාර්ගෝපදේශකයින්ගේ දැනුම හා කුසලතාව වර්ධනය කිරීම සඳහා online ක්‍රමවේදය ඔස්සේ වෘත්තීය සංවර්ධන පාඨමාලාවක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ට ශ්‍රී ලංකාව පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. ජනාධිපති ගෝඨාභට රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය යේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව එය ආරම්භ කර ඇති බවයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ.

මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙරට පුරාවිද්‍ය හා ඓතිහාසික වටිනාකම් ඇති ස්ථාන වල තොරතුරු ලබා දීමේ දි ඇතැම් සංචාරක මාර්ගෝපදේශකයන් වැරදි තොරතුරු ලබාදෙන බවට විවිධ පැමිණිලි ලැබී තිබේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් සංචාරක මාර්ගෝපදේශකයන් පුහුණු පාඨමාලා ආරම්භ කෙරුණු බව ඇමතිවරයා සදහන් කරයි. කොවිඩ් වසංගතයෙන් පසුව ලබන සැප්තැම්බර් මාසය පමණ වන විට මෙරට සංචාරක ව්‍යාපාරය යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි රජය අපේක්ෂා කරන බවත් ඒ අනුව පූර්ණ සුදානමක් ලෙස මෙම වැඩපිළිවෙල ද ආරම්භ වු බව රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවා.

සංචාරක සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවිය හරහා මෙම පාඨමාලාව පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීමටත් අයදුම්පත සම්පූර්ණ කර එවීමටත් පහසුකම් සලසා ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button