BREAKING NEWSEXCLUSIVEPOLITICS

ලංකාවේ මසකට එක් අයෙක්ට රු. 11,219 කින් ජීවත් විය හැකියි. – රට කළඹන වාර්තාවක් එළියට..!

ලංකාවේ දිස්ත්‍රික්ක අනුව නිල ජාතික දරිද්‍රතා සීමා (Official poverty line by District) ප්‍රකාශයට පත් කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවම වියදම (Minimum Expenditure per person per month to fulfill the basic needs) වශයෙන් 2022 මැයි මාසය සඳහා ගණනය කර ඇති ජාතික අගය රු. 11,219 ක් වේ. ඒ අනුව 4 දෙනෙකුගෙන් යුතු පවුලක් සඳහා මාසයක් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අවශ්‍ය අවම වියදම රු. 44,876 ක් ලෙසින් ගණනය කළ හැකිය.

මෙම අගය දිස්ත්‍රික්ක මට්ටමින් වෙනස්වන අතර ඒ අනුව මාසයක් ජීවත් වීම සඳහා වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන පුද්ගලයෙකුටයි. එම අගය රු. 12,100 කි. මෙහි අවම අගය වාර්තා වන්නේ මොරණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම වටිනාකම රු. 10,727 ක් වේ.

මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයෙකුට මසකට අවම වියදම 2022 මාර්තු මාසයේ දී රු. 9,284 ක් ලෙසින් සටහන්ව ඇති අතර එය අප්‍රේල් මාසයේ දී රු. 10,230 ක් ලෙසින් දක්වා තිබෙනවා.

නිල දරිද්‍රතා රේඛාවේ වැඩිවීමට හේතුව පෙර මාසයට සාපේක්ෂව 2022 මැයි මාසයේ වාර්තා වූ ඉහළ ජාතික පාරිභෝගික මිල දර්ශක (NCPI) අගය බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button