BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWS

නෙතන්යාහුගේ 12 වසරක ඊශ්‍රායල පාලනය බිද දමමින් සභාග රජයක් බිහිවෙයි.

බෙන්ජමින්නෙතන්යාහුගේ වසර 12 පාලනය අවසන් කරමින් ඊශ්‍රායෙලයේ නව රජය තේරී පත්වී තිබේ ඊශ්‍රායල නව සභාග රජය, පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දය ලබා ගැනීමත් සමගයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, විපක්ෂ දේශපාලන කණ්ඩායම් 8කින් යුත් සන්ධානය මෙම නව ආණ්ඩුව පිහිටුවා ඇති බවයි.

මේ අනුව ඊශ්‍රායලයේ නව අගමැතිවරයා ලෙස දක්ෂිණාංශික යමිනා පක්ෂයේ ප්‍රධානී නෆ්තාලි බෙනට් ලැපිඩ් දිවුරුම්දී තිබේ.

2023 වසර සඳහායි.

ඉන් අනතුරුව තවත් වසර දෙකක් සඳහා යෙෂ් ආටීඩ් පක්ෂයේ නායක යාර් ලැපිඩ් පත්වීමට නියමිතයි.

1996 සිට 1999 වසර දක්වා, පළමුවරට බෙන්ජිමින් නෙතන්යාහු ඊශ්‍රායලයේ අගමැති ධුරය හොබවා තිබේ.පසුවඔහු 2009 සිට මේ දක්වා වසර 12 කාලයක් අඛණ්ඩව ඊශ්‍රායලයේ පාලන බලය හෙඹවී .

ඊශ්‍රායෙලයේ දීර්ඝ කාලයක් රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළ බෙන්ජමින් නෙතන්යාහු ඉදිරියේදී විපක්ෂ නායකවරයාලෙස කටයුතු කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, නව අගමැතිවරයා ලෙස පත් වූ නෆ්තාලි බෙනට් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය සුබ පැතුම් එක්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button