BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

පෞද්ගලික අංශයේ රෝහල් සහ රසායනාගාර වල PCR ,RAT සඳහා අනුමත ක්‍රමවේදයේ වෙනසක්

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ (RAT) සිදුකරන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමත පෞද්ගලික රෝහල් සහ රසායනාගාර සඳහා එම අමාත්‍යාංශ විසින් නිකුත්කර තිබූ මාර්ගෝපදේශ සංශෝධනය කර තිබෙනවා.

ඒ අනූව,

  • මෙම පරික්ෂණය කළ යුත්තේ විශේෂඥ වෛද්‍ය නිලධාරී හෝ කාර්යභාර වෛද්‍ය නිලධාරීගේ නිර්දේශයට අනුව පමණයි.
  • සාම්පල ලබාගැනීමෙන් පසු අදාළ ආයතන විසින් වාර්තා නිකුත් කරන තෙක් රෝගීන්ට ආයතනය, නිවස තුළ හුදකලාවීමට උපදෙස් දියයුතු අතර ඒ බවට අදාළ රසායනාගාර හෝ රෝහල් බලධාරීන් විසින් තරයේ සුපරීක්ෂණය කිරීමට වගබලා ගත යුතු වනවා.
  • රෝගියෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකය, අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හා රෝගීයා දැනුවත් කිරීම රෝහල්, රසායනාගාර භාර නිලධාරීයාගේ වගකීමක්.
  • ඉහත වගකිවයුතු නිලධාරීන්ගේ නිර්දේශ අනුව, ආසාදිත රෝගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමත කළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසික පහසුකම් ලබාදීමට අදාළ බලධාරීන් කටයුතු කළ යුතුයි.
  • PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම නිශ්චිත හා ආරක්ෂිත ස්ථානයක සිදුකළ යුතු අතර Drive Through ක්‍රමයට රෝගීන් සඳහා පරික්ෂණ කිරීමට අවසර හිමිවන්නේ නැහැ.
  • අදාළ බලධාරීන් විසින් මෙම මාර්ගෝපදේශය පිළිනොපදින බව යම් හෙයකින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත වාර්තා වුවහොත් PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ලබා දී ඇති අවසරය අවලංගු කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කටයුතු කරනු ඇති.
  • විදේශ සංචාර අරමුණ මත සිදුකරන PCR පරික්ෂණ හා වැඩබිම් ආශ්‍රිතව දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ කර ඇති PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා මෙම මාර්ගෝපදේශ අදාළ වන්නේ නැහැ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button