BREAKING NEWSEXCLUSIVE

15කට අවසර ගෙන සියයක් පමණ ගෙන්වූ මංගල උත්සවයකින් කොවිඩ් පොකුරක්

යාපනයේ, සන්දිලිපායී ගම්මානයේ නිවසක තිබූ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයින් 78 දෙනෙකුගෙන් 24 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇති බවට හඳුනා ගැනීමත් සමග සෙසු පුද්ගලයින් 54 දෙනා ඊයේ සිට තවත් දින දාහතරක කාලයක් නිරෝධානයට ලක් කිරීමට යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පුද්ගලයින් 15 දෙනෙකු පමණක් සහභාගී වන බවට අවසර ලබා ගෙන පුද්ගලයින් සියයකට ආසන්න පිරිසක් මේ විවාහ මංගල උත්සවයට සහභාගී වි සිටියදී පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් එම නිවස වටලා ඊට සහභාගී වූවන් නිරෝධායනය කිරීමට මීට දින කීපයකට පෙර පියවර ගෙන තිබුණා.

ඒ අතරින් 24 දෙනෙකු රෝගීන් බවට පත්වීම නිසා සෙසු අයගේ නිරෝධායන කාලය තවත් දින දාහතරකින් දිර්ඝ කෙරුණු බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button