BREAKING NEWSEXCLUSIVEPOLITICS

නව වැනි පාර්ලිමේන්තුවේ කථානායක ධූරය මහින්ද යාපාට – සභානායක දිනේෂ්

නව වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය එළබෙන බ්‍රහස්පතින්දා (20 දා) පෙරවරු 9.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය.

එහි දී පළමුව කථානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීමෙන් පසුව සියලුම මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරේ. ඒ අනුව කතානායක ලෙස ජ්‍යේෂ්ඨ මහින්ද යාපා අබේවර්ධනත්, නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටියත් නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නව වැනි පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යන අයගේ නම් යෝජනා වී ඇති බව සඳහන්. ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක තනතුරු දෙකක් සඳහා ද තෝරා ගැනීමට නියමිත අතර ඊට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන අයගේ නම් කෙරෙහි අවධානය යොමු වී ඇති බව එම වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.

විපක්ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාසත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, චම්පික රණවක හා හර්ෂ ද සිල්වා යන මන්ත්‍රීවරුන්ගේ නම් ද යෝජනා වී ඇති බවද පැවසේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button