BREAKING NEWSEXCLUSIVE

මහා භාණ්ඩාගාරයට මිලියන 750ක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ආදායමෙන්..

කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ දැවැන්ත ආර්ථිකයක් හිමි රටවල් පවා අද වන එම රටවල ආර්ථිකය දැඩි ලෙස කඩාවැටීමකට ලක්ව ඇත. මෙවන් තත්වයක් ලෝකය තුළ පවතිද්දී අප රට ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව ඉතා සාර්ථකව මෙම වසංගතයට මුහුණ දුන් රටවල් අතර ප්‍රමුඛ ස්ථානයක් ගෙන තිබේ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හා අති ගරු අග්‍රාමාත්‍යතුමන් නායකත්වයෙන් යුතු වර්තමාන රජයේ අතිසාර්ථක එන්නත්කරණ වැඩසටහන මෙයට ප්‍රධානම හේතුවයි.
මෙවන් ව්‍යසනකාරී තත්ත්වයක් පවතිද්දී ද මහා භාණ්ඩාගාරය වෙත රුපියල් මිලියන 750 ක මුදලක් ප්‍රථම වතාවට ප්‍රදානය කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පසුගියදා හැකි විය.ජනතාවට වඩාත් සමීපතම රාජ්‍ය ආයතන අතරින් ඉතා සුවිශේෂී කාර්යයක් ඉටු රාජ්‍ය ආයතනයක් ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හඳුන්වා දිය හැකි අතර තමන්ට හිමි බිම්කඩෙහි සැබෑ අයිතිය තහවුරු කිරීමේ සුවිශේෂීම කාර්යභාරය ඉටු කරන රාජ්‍ය ආයතනයක් ලෙස මෙම ආයතනයේ හැඳින්විය හැක.

රටේ පවතින වසංගත ව්‍යසනය මත වුවද තම රාජකාරි කාර්‍යයන් ඒ ආකාරයෙන්ම ඉටු කරමින් ක්‍රියාත්මක කරන ලද ඔප්පුව ගෙදරටම ජාතික වැඩසටහන ඉතා කාලෝචිත හා අගය කළ යුතු වැඩ සටහනකි.ඒ තුළින් වසර ගණනාවක් තම අයිතිය නොමැතිකමින් දුක්විදි ජනතාවට ඔවුන්ගේ නිවසටම ගොස් ඔප්පුව ලබා දීමේ කටයුතු ඉෂ්ඨ සිද්ධ විය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියේ සඳහන් පරිදි වස විසෙන් තොර කෘෂි ආර්ථිකය ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළට අත්‍යවශ්‍ය කාරණාවක් වූ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ඉතා සාර්ථකව ගරු ඉඩම් අමාත්‍ය එස් .එම් . චන්ද්‍රසේන මැතිතුමාගේ නායකත්වයෙන් හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මැතිතුමාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වු අතර එම ව්‍යාපතිය වෙනුවෙන්ද මිලියන 350 ක මුදලක් ලබා දුන් අතර එය මහා භාණ්ඩාගාරය මගින් ඉඩම් අමාතංශ්‍යයට ලබාදිමක් සිදු විය.
මේ වන විට දිස්ත්‍රික්ක අනුරාදපුරය කේන්ද්‍ර කරගනිමින් මධ්‍යස්ථාන 32 කදී කාබනික පොහොර මෙට්‍රික් ටොන් 10000 විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කොට ගොවි ජනතාව වෙත මුදා හැරීම සඳහා අවශ්‍ය අදාළ අංශ වෙත යොමු කොට ඇත.

වසර පනහක සාඩම්බර ගමනකට හිමිකම් කියන රාජ්‍ය ආයතනයක් ලෙස මේ වන විට මිලියන 1100 ක මුදලක් මෙවැනි වසංගත තත්ත්වයක් මත වුවද මහා භාණ්ඩාගාරය වෙත මෙවැනි මුදලක් ප්‍රදානය කිරීම තුළින් ආයතනයේ කාර්යක්ෂම භාවය හා ස්ථාවරත්වය මැනැවින් ගම්‍ය වේ.
සාම්ප්‍රදායික රාමුවකින් එහා ගොස් ජනතාවගේ සැබෑ අවස්ථාවන් හඳුනාගෙන රාජ්‍ය ආයතනයක් කටයුතු කලයුතු ආකාරය ඉතා හොඳින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මෙම මෑත වකවානුව තුළ හඳුනාගෙන ඊට අදාලව කටයුතු කිරීම පැසසිය යුතු කරුණකි.
ඉඩම් ඔප්පු ලබා දීමේදී පැවැති අවිධිමත් හා යල්පැනගිය ක්‍රමවේද හේතුවෙන් බොහෝ ගැටලුවලට මුහුණ දීමට මහජනතාවට අතීතයේ සිදු විය.නමුත් වර්තමානයේ දී ගරැ ඉඩම් අමාත්‍ය එස්. එම් .චන්ද්‍රසේන මැතිතුගේ නායකත්වය පරිදි කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහ මැතිතුමන්ගේ නව සංකල්ප හා මනා මෙහෙය වීම හේතුවෙන් පැවති අකාර්යක්ෂම හා අවිධිමත් භාවයෙන් බැහැරව කාර්යක්ෂම හා විධිමත්ව ආයතන ඉදිරියට ගමන් කරමින් තිබේ.

මෙහි ජීවමාන සාක්ෂියක් ලෙස මහා භාණ්ඩාගාරය වෙත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් ලබාදුන් මෙම මුදල් ප්‍රධානය හඳුන්වා දිය හැක.ඒ අනුව අනිකුත් රාජ්‍ය ආයතන වලට ද මෙම ආයතනය ඉතා හොඳ ආදර්ශයක් ලබා දෙයි.
වසර පනහක ගමන් මග තුළ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලබාගත් මෙම ජයග්‍රහනය මේ මොහොතේදී සමස්ත රටේ ජනතාව වෙත ලබා දුන් වටිනාම ත්‍යාගය ලෙස හඳුන්වා දිය හැකි අතර වර්තමාන රාජ්‍ය සේවය පිළිබඳ සමහර චෝදනා වලට ඉතා සාධනීය පිළිතුරක් ලබා දීමකි.

අනුරාධා සොනාලි
මාධ්‍ය අංශය – ඉඩම් ප්‍රතිංස්කරණ කොමිෂන් සභාව.
2022.01.07

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button