BREAKING NEWSEXCLUSIVE

රට ඇරපු දින දෙකට මිලියන 700ක මත්පැන් විකිනිලා.

මෙම සතියේ සංචරණ සීමා ඉවත් කර තිබූ දින දෙක(21,22) තුළදී රුපියල් මිලියන 700ක් වටිනා මත්පැන් විකිණී ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරල් එච්. ජී. ගුණසිරි මහතා පවසනවා.

එම කාල සීමාව තුළදී විවෘත කිරීමට අවසර දී තිබුණේ වයින් ස්ටෝර්ස් 1,409ක් පමණක් බවද ඔහු සඳහන් කළේය. දිවයින පුරා බලපත්‍ර ලබාදී ඇති සංඛ්‍යාව 4,200ක් බවද සඳහන්.

මේ අතර සෞඛ්‍ය නීතිරීති කඩකර මත්පැන් අළෙවි කරන ස්ථානවල බලපත්‍ර අවලංගු කරන බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටිනවා. ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට දිවයින පුරා සුරාබදු නිලධාරීන් 600කට අධික පිරිසක් යොදවා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button