BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් මෙරටට..

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජපාන අග්‍රාමාත්‍ය යොෂිඩේ සුගා මහතාගෙන් සිදුකළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමිව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ජපාන තානාපති සුගයිමා අකිරා අතර අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මේ බව සඳහන් කර සිටියා.
කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළවී ඇතිබව වාර්තා වුනා.
සමුද්‍රීය අනතුරු පිලිබඳ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබා ගැනීම කෙරෙහිද ජනාධිපතිතුමා විසින් මෙහිදී තානාපතිවරයාගේ අවදානයට යොමු කර තිබෙනවා.