BREAKING NEWSPOLITICS

54 වන රාජ්‍ය අලුත් සහල් මංගල්‍යය අද අනුරාධපුරදි..

මහ කන්නයේ අස්වැන්නේ අග්රඵලය අනුරාධපුර ජය ශ්රී මහා බෝධීන් වහන්සේට පූජා කරන 54 වන රාජ්‍ය අලුත් සහල් මංගල්යය “කලට වැසි වසීවා කෙත්වතු සාර වේවා ” මැයෙන් මෙවරත් අති උත්කර්ෂවත්ව අතිගරු ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද (04) පැවත්වුනා.

භව බෝගයෙන් ස්වයංපෝෂිතව නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගන ගමනට ශක්තිය, ධෛර්ය, ආශිර්වාදය ලබා ගනිමින් අලුත් සහල් මංගල්යය මෙවරද සිදු කරන අතර මුළු දිවයිනේම ගොවිජන සේවා මධ්යස්ථානවලට ගොවි ජනතාව පෙරහැරවලින් පැමිණ උත්සවාකාරයෙන් ලබා දුන් අලුත් සහල් මෙහිදි උතුම් ජය ශ්රී මහා බෝධීන්වහන්සේට පුජා කිරීම සිදුකලා.

බුදු දහමත් කෘෂිකර්මයත් එකට බද්ධ වී පවතින්නේ. අලුත් සහල් මංගල්යය ශ්රී ලාංකීය වංශකතාවේ අත්යවශ්ය මඟ නොහැරෙන උතුම් උත්සවයක් ලෙස ගොවිජනතාව මහත් කැපවීමෙන් ගෞරවයෙන් පවත්වන මංගල්යයක්.

කලට වැසි වැටි,උවදුරු දුරු වී මුළු රටම ස්වයංපෝෂිත වේවායි ප්රාර්ථනයෙන් ගොවිජනතාව මහත් භක්තියෙන් අලුත් සහල් මංගල්යය සෑම වසරකම සිදුකරනු ලබන චාරිත්රයක් ලෙසයි ශ්රී ලාංකික සමාජයේ, ගොවි ජනතාවගේ සිත්වල තැන්පත් වී තිබෙන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button