සති අන්තයේ දිනකට පැය 5ක විදුලි කප්පාදුවක්..!

එළබෙන සති අන්තය තුලදී දිනකට පැය 5ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
හෙට (26) A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු කාලයේ පැය 3යි මිනිත්තු 20ක් විදුලිය විසන්ධි වන අතර, සවස 6 සිට රාත්රී 11 දක්වා කාලය අතරතුර පැය 1යි විනාඩි 40ක් ද විදුලිය විසන්ධි කෙරෙනවා. P, Q, R, S, T, U, V, W කලාප සඳහා පෙරවරු 9:00 සිට සවස 6:00 දක්වා කාලය අතරතුර පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
එම කලාප තුළ සවස 6:00 සිට රාත්රී 9:00 දක්වා කාලය අතරතුර පැය 1යි විනාඩි 40ක් විදුලිය විසන්ධි කෙරෙනවා. ඒ අනුව එම කලාපවල විදුලිය විසන්ධි කෙරෙන සම්පූර්ණ කාලය පැය 4යි මිනිත්තු 40ක් වනවා.
මේ අතර 27 වන ඉරිදා දින A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා පෙරවරු 8:30 සිට සවස 5:30 දක්වා කාලය අතරතුර පැය 2යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.
එමෙන්ම එදින සවස 5:15 සිට රාත්රී 10:30 දක්වා කාලය අතරතුර පැය 1යි මිනිත්තු 15ක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි
P, Q, R, S, T, U, V, W කලාපවල සවස 5:00 සිට රාත්රී 11:00 දක්වා කාලය අතරතුර විදුලිය කප්පාදු කෙරෙන්නේ පැය 2ක කාලයක් සඳහා පමණක් බව සදහන් වනවා.