BREAKING NEWSEXCLUSIVE

ස්විස් රජයෙන් මෙරටට ඩොලර් මිලියන හතරක වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්..

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අද (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 04ක වෛද්‍ය ආධාර තොගයක් අගමැතිවරයා වෙත භාර දුන්නේ ය.

මෙම පරිත්‍යාගය සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත ජනතාවට ස්තුතිය පුද කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා, දෙරට අතර පවතින ශක්තිමත් සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගෙන යාමේ වැදගත්කම අවධාරණය කලේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනයට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ සහ ප්‍රතිදේහ ජනන පරීක්ෂණ කට්ටල ඇතුළු උපකරණ තොගයක් මෙසේ පිරිනැමූ වෛද්‍යාධාර තොගය අතර වේ.

අතීතයේ දෙරටේ පාර්ලිමේන්තු අතර පැවැති සාර්ථකව වැඩසටහන් සහ ශ්‍රී ලංකා – ස්විස් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය (SLSPFA) නැවත සක්‍රීය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.

ශ්‍රී ලංකා – ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ (SLSPFA) කැඳවුම්කරු ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතාට එහි වගකීම අගමැතිවරයා විසින් පැවරන ලදී.

ඉතා නුදුරු අනාගතයේ දී සංචාරක ව්‍යාපාරය යළි පණ ගැන්වෙනු ඇති බවට සහ ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමට ස්විස් රජය සහය දක්වනු ඇති බවට තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා සිය විශ්වාසය ද පළ කළේ ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button