BREAKING NEWSEXCLUSIVE

“මෛත්‍රීට කෝටි 33ක වාහන ගෙන්වලා – දහම්ට BMW x5 ජීප්, චතුරිකාට Lexus කාර්” – සිරිසේන පවුල රජසැප විඳපු හැටි!

පසුගිය යහපාලන රජය විසින් මැතිඇමැතිවරුන් සඳහා පමණක් වාහන ගෙන්වීමට රුපියල් කෝටි 2800 ක මුදලක් වැය කර ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළි විය.

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් යහපාලන රජය සමයේ සිදුවූ මූල්‍ය වියදම් සම්බන්ධයෙන් සභාගත කරන ලද ලියවිලි වල මෙය දැක්වෙයි.

එමගින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් වාහන ගැනීමටයි. ඔහු ගෙන්වා ඇති වාහන ගණන 09ක් වන අතර ඒ සදහා වැය කර ඇති මුදල ලක්ෂ 3,289කි.

එම වාහන වලින් හිටපු ජනපති දියණිය චතුරිකා සිරිසේන ලෙක්සස් වර්ගයේ මෝටර් රථයද, පුත් දහම් සිරිසේන වෙනුවෙන් BMW x5 වර්ගයේදී ජීප් රථද ගෙන්වා ඇති බව හෙළිව තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ සඳහා වාහන ගෙන්වීම සඳහා වැය කර තිබෙන මුදල ලක්ෂ 2800කි.

පසුගිය රජයේ අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සහ කථානායක කරූ ජයසූරිය සඳහා නවින වාහන ගෙන්වීමට කෝටි 2500කට (ලක්ෂ250,000) අධික මුදලක් වැඩි කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button