BREAKING NEWSEXCLUSIVE

ඔන්ලයින් අධ්‍යාපනය සදහා සම්පත් මධ්‍යස්ථාන 2096 ක් රට පුරා..

පාසල් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන ප්‍රවේශය වැඩි කිරීමේ අරමුණින් දුරකතන සේවා පුළුල් කිරීමට අමතරව සම්පත් මධ්‍යස්ථාන 2096 ක් රට පුරා විවෘත කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරිස් මහතා පවසනවා.

පෞද්ගලික ආයතනවල ප්‍රතිපාදන යටතේ ගාල්ල අගුලුගහ මහ විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් හා පරිගණක විද්‍යාගාරයක් ලබා දීමේ වැඩසටහනට එක් වීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

ඇතැම් ගුරුවරුන් පිරිසක් ක්‍රියාත්මක කර ඇති වර්ජනය සම්බන්ධයෙන්ද මාධ්‍ය වේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙම කරුණු සදහන් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button