BREAKING NEWSEXCLUSIVE

අද තීරණය වන 2022 ගමන් මඟ…

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු ඝර්භයට පැමිණියා.අමාත්‍යවරයා මේවන විට 2022 වසර සදහා වන අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් සිටිනවා.

පසු කොවිඩ් තත්ත්වය ජයගනිමින් වෙළෙඳපොළ ආර්ථිකය නිශ්පාදන ආර්ථිකයක් බවට පත්කර ගැනීමේ වැඩ පිළිවෙලක් පදනම් කර ගනිමිනුයි මෙවර අයවැය සකස් කර ඇත්තේ.

මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය යෝජනයව වන අතර එසේම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මංගල අයවැය ඉදිරිපත් කිරීම යි.
එමෙනම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවන අයවැය වාර්තාව ද මෙය වනවා.

විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් මස 07 වනදා මුදල් අමාත්‍යවරයා විසින් පාර්මේන්තුවට ඉදිරිපත් කර තිබුණ අතර ඒ අනුව හෙට (13) සිට ලබන 22 වනදා දක්වා දින 07ක කාලයක් අයවැය දෙවනවර කියවිමේ විවාදය  පැවැත්වීමට නියමිතය.

දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 22 වැනි සඳුදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාව හෙවත් අයවැය තෙවනවර කියවීම නොවැම්බර් 23වනදා  සිට ආරම්භවීමට නියමත අතර එම විවාදය දින 16ක කාලයක් පැවැත්වේ.

දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00 අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2022 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 7 වැනිදා මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ත වියදම වන්නේ රුපියල් බිලියන 5128ක්.

අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැය යෝජනාවලිය සඳහා අද පෙරවරුවේ පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා.

මෙවර අය වැය විවාදයේදී විශේෂතා කිහිපයක්ද දැකගත හැකි වනු ඇති.

ඒ අනුව ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කෙරෙනවා.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ කොවිඩ් සීමාවන් යටතේ මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට ආරාධනා කර ඇත්තේ තානාපතිවරුන්ට සහ මහකොමසාරිස්වරුන්ට පමණක් බවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button