BREAKING NEWSEXCLUSIVE

“2015 මැ.කො බෙල්ල දීලා අපිට උදව් කළේ නැත්නම් අපිට ආණ්ඩුවකුත් නෑ” මහින්ද දේශප්‍රියගේ ඩීල් මංගල සමරවීරගේ ලේකම්ගෙන් එළියට!

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සමග සිදු කළ දුරකථන සංවාද අඩංගු හඬපට සමාජජාලා මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමට පසුගියදා අපේක්ෂකයෙකු කටයුතු කළා.

ඒ සමගි ජනබලවේගයට එරෙහිව අධිකරණයේ නඩුවක් පැවරු, කොළඹ දිස්ත්‍රීක් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ඔෂල හේරත් විසිනි.

ඔහු විසින් මුදා හළ හඬපට වල දැක්වුනේ ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණ පනත උල්ලංඝනය කරමින් සමගි ජන බලවේගය නම් පක්ෂය ලියාපදිංචි කිරීමේදී කිසිදු පියවරක් නොගෙන සිටීම හා මැතිවරණ පනත අනුව වරදක් සිදු කළ සමගි ජනබලවේග අපේක්ෂක අජිත් පී පෙරේරාට එරෙහිව තමන් පියවර නොගත්තා යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සිදු කරනා පාපෝච්ඡාරණයකි.

ඔෂල හේරත් විසින් මෙම හඬපට නිකුත් කිරීමත් සමගත් හිටපු අමාත්‍ය මංගල සමරවීරගේ සමීපතම දේශපාලන සහකරුවා මෙන්ම ඔහුගේ හිටපු ලේකම්වරයා වූ යහපාලන රජයේ සංස්ථා සභාපතිවරයෙකු ලෙස ප්‍රභල තනතුරක් හිමි වූ තුසිත හල්ලොලුව ප්‍රතිචාර දක්වා තිබේ.

එහිදී තුසිත හල්ලොලුව මෙම හඬපට සමාජ මාධ්‍ය වෙත නිදහස් කල ඕශල හේරත් වෙත අමතා කියා සිටින්නේ 2015 දී යහපාලන රජය පත්කර ගැනීම සඳහා මහින්ද දේශප්‍රිය බෙල්ල තියා වැඩ කල බවත් ඔහු සමඟ ඩිල් දැමුවේ තමා බවත්ය.

තව දුරටත් ඔහු කියා සිටින්නේ 2015දී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ සහාය නැති වුනානම් 2015දි ආණ්ඩුවක් පිහිටුවීමටවත් නොහැකි වන බවයි.

එසේ උදව් කල මහින්ද දේශප්‍රිය මහතාගේ වැරදි පෙන්වා ඔහුට පහරදීම වහාම නවත්වන ලෙස තුසිත හල්ලොලුව ඕශල හේරත් අමතා කියා සිටී.

එම හඬපටය පහතින් ,

(අසභ්‍ය වචන අන්තර්ගත හඬපටයකි)

අජිත් පී පෙරේරාට දඬුවම් නොදුන් බවට වන හඬපටය,

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button