BREAKING NEWSCRICKETEXCLUSIVEPOLITICSSPORTS
2011 පාවාදීමක් සිදුවී නෑ, පරීක්ෂණ අවසන් මහින්දානන්දගේ චෝදනා 14 ඔප්පු කරන්න බෑ විමර්ශන ඒකකය දැනුම් දෙයි

2011 ලෝක කුසලාන අවසන් තරගය පවාදුන් බව කියන සිද්ධිය ගැන සටහන් කරගත් ප්‍රකාශ ප්‍රමාණවත් බැවින්,මින් ඉදිරියට ප්‍රකාශ ලබා ගැනීමට ක්‍රීඩකයන් කැඳවන්නේ නැති බව විශේෂ විමර්ශන එකකය ප්‍රකාශ කරයි.
තවදුරටත් අදහස් දක්වමින් ජේෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා මෙසේ ප්‍රකාශ කර සිටියා.
“අපේ එකකය මේ දක්වා ලබාගත් කටඋත්තර තුනෙන් අපිට තේරුම් ගියා මහින්දානන්ද අළුත්ගමගේ කළ ප්‍රකාශ කරුණු 14 සනාථ කරන්න හැකියාවක් නෑ කියලා. ඒ වගේම ICC එකට ලිපියක් ගොනු කළා කිව්වාටත් ICC ය ප්‍රතිචාර දක්වලත් නෑ ICC ය පරික්ෂණයක් කරලත් නෑ”
“අපි කටඋත්තර ගත්ත තිදෙනාම සාධාරණ හේතු කියලා තියෙනවා.විශේෂයෙන්ම කණ්ඩායම මාරුකළේ ඇයි කියලා.අනික මේක 2011 සිද්ධියක්.මෙම සිද්ධිය පිළිබද තව දුරටත් විමර්ශනය නොකර,මේ පැමිනිල්ල අපට යොමු කළ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්තුමාට වාර්තාවක් යවනවා.”