GOSSIP NEWSVIRAL NEWS

කොළඹ පාසල් සිසුන් ලක්ෂ 2ක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බව හෙළි වේ

පාසල් සිසුන් මත් උවදුරෙන් මුදා ගැනීමට ක්‍රියාත්මක විශේෂ වැඩපිලිවෙලට අදාළව සෑම පාසලක් වෙනුවෙන්ම වෙනම පොලිස් නිලධාරියෙක් යෙදවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වනවා.

මීට අදාළ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය, පොලීසිය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය ඒකාබද්ධවයි.

පළමු අදියර යටතේ පාසල් අතර වැඩිම මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් සිදුවන බවට හඳුනාගෙන ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 49 ක් ඉලක්ක කරගනිමින් සුරක්ෂිත හෙට දවසක් යන තේමාවෙන් ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය විරෝධී විශේෂ වැඩසටහන හඳුන්වාදීම අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද ආරම්භ කෙරුණා.

ඊට එක්වෙමින් බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසල්වලින් පමණක්  මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිත කරන බවට වාර්තා වී ඇති මුළු පාසල් සිසුන් සංඛ්‍යාව දෙලක්ෂ 30,982 ක් බවයි.

ඒ අනුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දරුවන් නිවැරදිව දැනුවත් කරමින් ඔවුන් පූර්ණකාලීනව නියාමනය කිරීමේ වගකීම පාසල් මට්ටමින් සිදුකිරීමට අපේක්ෂා කෙරෙනවා.

මෙහිදී එක් පාසලකට එක් පොලිස් නිලධාරියෙකු බැගින් යොදවමින් මෙම ක්‍රියාවලිය නියාමනයට සහ සම්බන්ධීකරණයට කටයුතු සම්පාදනය කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

එමෙන්ම, පාසල් පරිශ්‍ර හෝ ඒ අවට පරිසරවල කිසියම් මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකමක් සිදුවන්නේ ඒ පිළිබඳව දැනුම්දීමට 0777 128 128 යන දුරකතන අංකයක් ද අද හඳුන්වා දුන්නා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button